Posts

Image
අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය සදා සමරමු සොහොයුරෝ! මුදාහල මුත් ජිවිතේ උපන්නේ ජනතා හදේ ඔබෙන් නැගි හඩ රණ බිමේ විජය ගීතය වේ අපේ.

අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය

ඔබ හැම එදා එක්වුණේ, අධිරාජ්‍යවාදයට විනාශය-ජනතාවට විමුක්තිය; යන සටන් පාඨය යටතේයි. ජාතික හා ජාත්‍යන්තර ‍දේශපාලන තලයේදීදී, මෙයට වඩා අගනා සටන් පාඨයක් ඇත්තේම නැත. සතුරා, වර්ෂ 1505 සිට විවිධ වෙස්ගෙන, ශත වර්ෂ 5 ක් පුරා මෙරට ජනතාව පෙලන ලදී. ඒ අධිරාජ්‍යවාදීන්ව මේ මාතෘභූමියෙන් පන්නා දැමීම යනු, මෙරට ජනතාව  මත ඇති ගැටළු වලින් හරි අඩක් නිවැරදිව විසදා ගැනීමට මග පාදා ගැනීමයි.   ‍මෙම කාර්යය කියුබාව තුල සිදුවෙද්දී, කියුබාව සමග එක පෙලට සිටගත් ඔබ; එම කාර්යය, වියට්නාමය, ලාවෝසය, හා කාම්බෝජය තුල සිදුවෙද්දී එම විප්ලවීය සහෝදරයන් හා අත්වැල් බැද ගැනීමේ මාවත කුමක්දැයි සොයා සමාජ සමීක්ෂණයක නිරත වූවෝය. ඒ කාලය තුලදී ඔබට මහා විප්ලව වාදීන් ගනනාවක්ම හමුවිය. ඉන් එක් අයෙක් වූයේ, මෑත කාලයේ මිහිපිට බිහිවූ අසහාය විප්ලවවාදියකු වූ චේ ගුවේ රා සහෝදරයාය. ඔහු විසින්  ලෝකවාසී විප්ලව වාදී තරුණ පරපුරට කල ආයාචනය ඉතා සිත්ගන්නා සුළු විය. ඔහු මිය ගොස් සිටියද, ඔබ ඉතා ආදරයෙන් ඔහුව වැලද ගත්හ.  ලෝකය පුරා සිටි මුලුමහත් විප්ලව වාදී පරපුරට අත්විදින්නටවූ සියලූම දෑ ඔබ විසින් අත්වින්ද බව අපි දනිමු. ඇස්, ඉස්, මස් ලේ දන් දුන්...